Skip to content

යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?

යක්ෂයාට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යක්ෂයා කියන්නේ අපිට වඩා හුඟක් බලවත් නොපෙනෙන කෙනෙක්. යක්ෂයාට තියෙන්නේ අපිට තියෙනවා වගේ ශරීරයක් නෙමෙයි.—එෆීස 6:11, 12.

 ගොඩක් චිත්‍ර ශිල්පීන් යක්ෂයාව චිත්‍රයට නඟලා තියෙන්නේ ත්‍රිශූලයක් අතේ තියාගෙන ඉන්න, අං දෙකක් සහ වලිගයක් තියෙන, එළුවෙකුගේ පෙනුමක් ඇති සතෙක් විදිහටයි. සමහරු කියනවා යක්ෂයාව මුලින්ම ඒ විදිහට චිත්‍රයට නඟලා තියෙන්නේ අවුරුදු 1,000කට වැඩි කාලෙකට කලින් හිටපු චිත්‍ර ශිල්පීන් කියලයි. එයාලා යක්ෂයාව ඒ විදිහට චිත්‍රයට නඟන්න ඇත්තේ ඒ කාලේ තිබුණ ජනප්‍රවාද සහ ප්‍රබන්ධ කතා පදනම් කරගෙන කියලා හිතන්න පුළුවන්.

 බයිබලේ යක්ෂයාව විස්තර කරලා තියෙන්නේ කොහොමද?

 යක්ෂයාව බයිබලේ විවිධ විදිවලින් විස්තර කරලා තියෙනවා. ඒ විස්තර අපිට උදව් වෙන්නේ යක්ෂයා මොන වගේ කෙනෙක්ද කියන එක තේරුම්ගන්න මිසක් යක්ෂයාගේ පෙනුම මොන වගේද කියලා තේරුම්ගන්න නෙමෙයි. යක්ෂයාව විස්තර කරලා තියෙන විදි කිහිපයක් බලන්න.

  •   ආලෝකය ලබා දෙන දූතයෙක්. යක්ෂයා අපිට හොඳ දේවල් දෙන හොඳ කෙනෙක් විදිහට පෙනී ඉඳලා අපිව රවට්ටන්න හදනවා. එහෙම කරලා යක්ෂයා උත්සාහ කරන්නේ අපිව දෙවියන්ගෙන් ඈත් කරලා තමන්ගේ පැත්තට නම්මගන්නයි.—2 කොරින්ති 11:14.

  •   ගොරවන සිංහයෙක්. යක්ෂයා දරුණු විදිහට දෙවියන්ගේ සේවකයන්ට පහර දෙනවා.—1 පේතෘස් 5:8.

  •   මහත් මකරා. යක්ෂයා භයානක, බලවත්, විනාශකාරී කෙනෙක්.—එළිදරව් 12:9.