Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

හුඟදෙනෙක් දන්න කියන බයිබල් පදවල සහ යෙදුම්වල නිවැරදි තේරුම දැනගන්න. අවට පදත් එක්ක කියවලා ඒ පද ගැන සම්පූර්ණ පින්තූරයක් ලබාගන්න. විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් කියවලා ඒ බයිබල් පද ගැන තියෙන අවබෝධය වැඩි කරගන්න.

නික්මයාම 20:12 - “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

දෙවියන් ඒ ආඥාව දෙන ගමන්ම පොරොන්දු වුණා ඒ ආඥාවට කීකරු වුණොත් එයාලට බොහෝ කල් ජීවත් වෙන්න ලැබෙනවා කියලා. ඒ පොරොන්දුව එයාලට උදව් වුණා ඒ ආඥාවට කීකරු වෙන්න.

යොෂුවා 1:9 ගැන පැහැදිලි කිරීමක් - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”

අභියෝගවලට, දරාගන්න බැහැ කියලා හිතෙන තත්වයන්වලට මුහුණ දෙන්න වෙද්දී ධෛර්යවත්ව සහ එඩිතරව ඉන්න ඔයාට පුළුවන් කොහොමද?

ගීතාවලිය 23:4 ගැන පැහැදිලි කිරීමක් - “මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්”

ජීවිතේ අමාරුම කාලවලදී වුණත් දෙවියන්ගේ සේවකයන් ඔහුගේ ආදරය සහ සැලකිල්ල අද්දකින්නේ කොහොමද?

ගීතාවලිය 37:4 ගැන පැහැදිලි කිරීමක් - “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත්වෙව”

ප්‍රඥාව ලබාගෙන දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න කෙනෙක් වෙන්න ගීතිකාකරු අපිට උදව් කරන්නේ කොහොමද?

ගීතාවලිය 46:10 ගැන පැහැදිලි කිරීමක් - “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්”

ඒ පදයෙන් අදහස් වෙන්නේ පල්ලියේදී නිශ්ශබ්දව ඉන්න ඕනෙ කියන එකද?

හිතෝපදේශ 3:5, 6 ගැන පැහැදිලි කිරීමක් - “නුඹේම නුවණෙහි නොපිහිටන්න”

ඔයා ගැන විශ්වාසය තියනවාට වඩා ඔයා විශ්වාසය තියන්නේ දෙවියන් ගැන කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

හිතෝපදේශ 16:3 ගැන පැහැදිලි කිරීමක් – “නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න”

මිනිස්සු දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්න ඕනෙ මොන හේතු දෙක නිසාද?

හිතෝපදේශ 17:17 ගැන පැහැදිලි කිරීමක් - “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය”

හොඳ යාළුවෙක් ඇත්තටම මොන වගේද කියලා මේ හිතෝපදේශයේ විස්තර කරනවා.

හිතෝපදේශ 22:6 ගැන පැහැදිලි කිරීමක් - “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න”

දරුවෙක් යා යුතු “හරි මඟ” මොකක්ද? එක් එක් දරුවාට අනුව ඒක වෙනස් වෙනවාද?

දේශනාකාරයා 3:11 ගැන පැහැදිලි කිරීමක් - “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ”

දෙවියන් ලස්සනට, පිළිවෙළට කරලා තියෙන දේවල්වලට ඔහුගේ නිර්මාණ වගේම තව දේවලුත් ඇතුළත්. ඒ ගැන දැනගන්න එක ඔයාට වැදගත් ඇයි?

යෙසායා 26:3 ගැන පැහැදිලි කිරීමක් - ‘ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තාව ඔබ ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක’

නියම සමාදානය ඇත්තටම අපිට අද්දකින්න පුළුවන්ද? දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

යෙසායා 40:31 ගැන පැහැදිලි කිරීමක් - “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය”

දෙවියන්ගේ බලය නිසා ශක්තිමත් වෙන කෙනෙක්ව බයිබලේ ඉහළට පියාඹන රාජාලියෙක්ට සමාන කරලා තියෙන්නේ ඇයි?

යෙසායා 41:10 පැහැදිලි කිරීමක් - “භය නොවන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි”

යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා කියන දේ කාවද්දන්න එකම අදහස තුන් විදිහකින් කියලා තියෙනවා.

යෙසායා 42:8 ගැන පැහැදිලි කිරීමක් - “මම ස්වාමීන්වහන්සේය”

දෙවියන් තමන්ගේ නම විදිහට තෝරගත්ත නම මොකක්ද?

යෙරෙමියා 11:11 ගැන පැහැදිලි කිරීමක් - “විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි”

දෙවියන් ඔහුගේ සෙනඟට නපුරක් කළාද? නැත්නම් එහෙම වෙන්න ඔහු ඉඩහැරියාද?

යෙරෙමියා 29:11 පැහැදිලි කිරීමක් - “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි”

එක් එක් පුද්ගලයා ගැන දෙවියන්ට ‘යෝජනාවක්’ තියෙනවාද?

යෙරෙමියා 33:3 ගැන පැහැදිලි කිරීමක් - “මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තර දෙමි”

මේ ආරාධනාව පිළිගන්න අයට “තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල්” හෙළි කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා. ඒ මොනවාද? අදත් ඔහු එහෙම කරනවාද?

මීකා 6:8 ගැන පැහැදිලි කිරීමක් - “නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරෙන්න”

දෙවියන්ව සතුටු කරන්න නම් අපි කරන්න ඕනෙ දේවල් 3ක් ගැන මේ බයිබල් පදයේ විස්තර කරනවා.

මතෙව් 6:33 ගැන පැහැදිලි කිරීමක් - ‘පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයන්න’

ක්‍රිස්තියානීන් කිසි වැඩක් පළක් නොකර නිකන් ඉන්න ඕනෙ කියලා යේසුස් අදහස් කළාද?

මතෙව් 6:34 ගැන පැහැදිලි කිරීමක් - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”

අනාගතය ගැන සැලසුම් කරන එක වැරදියි කියලා යේසුස් අදහස් කළේ නැහැ.

මතෙව් 11:28-30 ගැන පැහැදිලි කිරීමක් - “මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි”

යේසුස් අයුක්තිය, අසාධාරණය ක්ෂණිකව නැති කරලා මිනිස්සුන්ට සහනයක් ලබා දුන්නාද?

මාක් 1:15 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය”

යේසුස් අදහස් කළේ දේවරාජ්‍යයේ පාලනය ඒ වෙද්දිත් පටන් අරන් තිබුණා කියන එකද?

මාක් 11:24 ගැන පැහැදිලි කිරීමක් - “නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න”

යේසුස් කිව්වා දෙවියන් ගැන, යාච්ඤාවේ බලය ගැන විශ්වාසය තියන්න කියලා. අභියෝග ජය ගන්න ඒ මඟ පෙන්වීම අපිට උදව් වෙන්නේ කොහොමද?

ලූක් 1:37 ගැන පැහැදිලි කිරීමක් - “මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය”

සියලු බලැති දෙවියන් තමන්ගේ පොරොන්දු ඉටු කරන එක වළක්වන්න කාටවත් බැහැ. ඒකෙන් ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද?

යොහන් 1:1 ගැන පැහැදිලි කිරීමක් - “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක.”

මිනිසෙක් විදිහට පොළොවට එන්න කලින් යේසුස් ස්වර්ගයේ ගත කරපු ජීවිතය ගැන මේ බයිබල් පදයෙන් අපිට තේරුම්ගන්න පුළුවන්.

යොහන් 3:16 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක”

යෙහෝවා දෙවියන් ඔහු අපිට ආදරෙයි කියලත් අපි හැමදාමට ජීවත් වෙනවා දකින්න කැමතියි කියලත් පෙන්වලා තියෙන්නේ කොහොමද?

යොහන් 14:6 ගැන පැහැදිලි කිරීමක් - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න කැමති කෙනෙක් යේසුස් ඉටු කරන වැදගත් කාර්යය තේරුම්ගන්න ඕනෙ ඇයි?

යොහන් 14:27 ගැන පැහැදිලි කිරීමක් - “නුඹලා වෙත සමාදානය තබා යමි”

යේසුස් තමන්ගේ ගෝලයන්ට දෙනවා කිව්වේ මොන වගේ සමාදානයක්ද? අද අපිට ඒ සමාදානය ලැබෙන්නේ කොහොමද?

යොහන් 15:13 පැහැදිලි කිරීමක් - “තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත”

යේසුස් පෙන්නුවා වගේ ආදරයක් පෙන්නන්න ඔහුගේ ගෝලයන්ට පුළුවන් කොහොමද?

යොහන් 16:33 ගැන පැහැදිලි කිරීමක් - “මම ලෝකයෙන් ජයගතිමි”

මොන පීඩා මැද වුණත් දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කියලා ස්ථිර කරගන්න යේසුස් කියපු දේ ඔහුගේ අනුගාමිකයන්ට උදව් වුණේ කොහොමද?

ක්‍රියා 1:8 ගැන පැහැදිලි කිරීමක් - “නුඹලා බලය ලබන්නහුය”

යේසුස් ගෝලයන්ට කිව්වේ මොකක්ද? දෙවිගේ බලය ගෝලයන්ට උදව් වුණේ මොනවා කරන්නද?

රෝම 5:8 ගැන පැහැදිලි කිරීමක් - “අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය”

මිනිස්සු නිතරම හිතන්නේ, වැඩ කරන්නේ දෙවියන් දීලා තියෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව නෙවෙයි. ඒ වුණත් දැනුත් සදහටමත් දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියාගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ කොහොමද?

රෝම 6:23 ගැන පැහැදිලි කිරීමක් - ‘පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, සදාකාල ජීවනයය’

පව්කාර මිනිස්සුන්ට බැහැ එයාලාගෙම හැකියාවෙන් ගැලවීම ලබන්න. ඒත් සදාකාල ජීවිතය ලබාගන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ කොහොමද?

රෝම 10:13 ගැන පැහැදිලි කිරීමක් - “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය”

ජාතිය, පසුබිම මොකක් වුණත් ගැලවීම ලබාගෙන සදහටම ජීවත් වෙන්න දෙවියන් හැමෝටම අවස්ථාව දීලා තියෙනවා.

රෝම 12:2 ගැන පැහැදිලි කිරීමක් - “මේ ලෝකයේ ආකාරයට සමාන නොවන්න”

දෙවියන්, ඔහු කැමති විදිහට ජීවත් වෙන්න කියලා මිනිසුන්ට බල කරනවාද?

රෝම 12:12 ගැන පැහැදිලි කිරීමක් - “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න”

පීඩා, විරුද්ධවාදිකම් මැද දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද?

1 කොරින්ති 10:13 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය”

දෙවියන් විශ්වාසවන්තයි කියලා දැනන් ඉන්න එක වැරදි පෙලඹීම්වලට මුහුණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?

2 කොරින්ති 12:9 ගැන පැහැදිලි කිරීමක් - “මාගේ කරුණාව නුඹට සෑහේය”

දෙවියන් පෙන්නපු මහත් කරුණාවෙන් පාවුල් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? ඒකෙන් අපිට ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?

ගලාති 6:9 ගැන පැහැදිලි කිරීමක් - “යහපත්කම් කිරීමට මැළිනොවෙමු”

දිගටම යහපත් දේවල් කරන ක්‍රිස්තියානීන්ට ලැබෙන ආශීර්වාද මොනවාද?

ෆිලිප්පි 4:6, 7 ගැන පැහැදිලි කිරීමක් - ‘කිසිවක් ගැන කනගාටු නොවන්න’

හිතේ බර සැහැල්ලු කරගන්න සහ මනසේ සමාදානය අද්දකින්න යාච්ඤාවට ඇතුල් කරන්න ඕනෙ මොන දේවල්ද?

ෆිලිප්පි 4:13 ගැන පැහැදිලි කිරීමක් - ‘මට ක්‍රිස්තුස්වහන්සේගේ පිහිටෙන් සෑම දේම කරන්ට හැකිවෙමි’

“සෑම දෙයකටම මුහුණ දෙන්න” ශක්තිය ලැබෙනවා කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

කොලොස්සි 3:23 ගැන පැහැදිලි කිරීමක් - ‘ඔබ කරන කොයි දෙයක් වුවත් මුළු සිතින් කරන්න’

වැඩ කරන එක ගැන ක්‍රිස්තියානියෙක්ට තියෙන ආකල්පය දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද?

2 තිමෝති 1:7 ගැන පැහැදිලි කිරීමක් – ‘දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේ ආත්මයක්ය’

බයෙන් යටපත් වෙන්නේ නැතුව හරි දේ කරන්න දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

හෙබ්‍රෙව් 4:12 ගැන පැහැදිලි කිරීමක් - “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය”

දෙවියන්ගේ වචනයට ජීවිතේ වෙනස් කරන්න ඔයා ඉඩ දෙනවාද? ඒකට ඔයා දෙන උත්තරෙන් ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.

හෙබ්‍රෙව් 11:1 ගැන පැහැදිලි කිරීමක් - “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය”

සැබෑ විශ්වාසය කොච්චර ශක්තිමත්ද කියලත් ඒක කොච්චර වැදගත්ද කියලත් දැනගන්න.

1 පේතෘස් 5:6, 7 ගැන පැහැදිලි කිරීමක් - ‘දෙවියන්වහන්සේට යටත් වෙන්න. නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න’

කනස්සල්ලට හේතු වෙන හැම දේම දෙවියන් “පිට තබන්න” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අපිට සහනයක් වෙන්නේ ඇයි?

එළිදරව් 21:1 ගැන පැහැදිලි කිරීමක් - ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’

මේ පදයෙන් ඇත්තටම අදහස් කරන දේ තේරුම්ගන්න බයිබලේ තියෙන ඉඟි මොනවාද?

එළිදරව් 21:4 ගැන පැහැදිලි කිරීමක් - ‘උන්වහන්සේ සියලු කදුළු පිසදමනසේක’

අනාගතයේදී ඉටු වෙන ලස්සන පොරොන්දුවක් ගැන මේ පදයේ විස්තර කරනවා.