Skip to content

බයිබල් අධ්‍යයනය සඳහා

බයිබල් අධ්‍යයනය සඳහා තියෙන මේ සැපයුම් දේවවචනය හොඳින් තේරුම්ගන්න ඔයාට උදව් වෙයි. ඒවාට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්න උදව් වෙන වටිනා දේවල් අපේ ඔන්ලයින් බයිබලයට ඇතුළත් කරලා තියෙනවා. අධ්‍යයනය කරන්න උදව් වෙන වීඩියෝ, සිතියම්, බයිබල් යෙදුම් කෙටියෙන් පැහැදිලි කිරීම් වගේ ගොඩක් දේවල් ඒකට ඇතුළත්.

බයිබල් පාඩමට ඕන වීඩියෝ

බයිබලයේ පොත් හඳුන්වා දෙන වීඩියෝ

මේ කෙටි වීඩියෝවලින් බයිබලයේ එක් එක් පොත් ගැන කෙටි හැඳින්වීමක් සහ ඒවායේ තියෙන තොරතුරු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.

බයිබලයේ ඉගැන්වීම් පැහැදිලි කර දෙන වීඩියෝ

මේ කෙටි වීඩියෝ බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් පැහැදිලි කරලා දෙනවා.

බයිබල් පාඩමට උදව් වෙන අනිත් දේවල්

බයිබලය ගැන සාරාංශයක්

බයිබලය ගැන සාරාංශයකුත් බයිබලේ තියෙන ප්‍රධානම පණිවිඩය ගැනත් ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ කියන සඟරාවෙන් දැනගන්න.

බයිබල් සිතියම්

“‘ඒ සරුසාර දේශය දැකගනිමු’” කියන පොතේ බයිබලේ සඳහන් වෙන ප්‍රදේශවල සිතියම් සහ රූප සටහන් තියෙනවා. විශේෂයෙන්ම විවිධ කාලවල්වල පොරොන්දු දේශය පෙන්වන සිතියම් ඒකේ තියෙනවා.

හැම දවසකටම බයිබල් පදයක්

‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොතේ හැම දවසකටම බයිබල් පදයකුත් ඒක අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන තියෙන කොටසකුත් තියෙනවා. ඒක දෙවියන්ගේ මඟ පෙන්වීම් ගැන දැනගන්න උදව් වෙන, දවසේ සිතුවිල්ලක් වගේ.

බයිබලය කියවන්න උදව් වෙන යෝජනා

ඔයා බයිබලය හැමදාම කියවන්න හරි අවුරුද්දක් ඇතුළත කියවලා ඉවර කරන්න හරි ඒකේ තියෙන ඉතිහාස වාර්තා කියවන්න හරි එහෙමත් නැත්නම් අලුතින්ම කියවන්න පටන්ගන්න හරි කැමතිද? එහෙනම් මේ බයිබල් කියවීමේ වැඩසටහන ඔයාට උදව් වෙයි.

බයිබල් පද හොයාගන්නේ කොහොමද?

බයිබලයේ පොත් 66 පෙළගස්වලා තියෙන්නේ හුඟක් බයිබල් පරිවර්තනවල ඒ පොත් පෙළගස්වලා තියෙන අනුපිළිවෙළටයි. මුලින්ම පොතේ නමත් ඊළඟට පිළිවෙළින් පරිච්ඡේදයේ අංකය සහ ඡේදයේ අංකය දක්වලා තියෙනවා.

බයිබලයෙන් උත්තර

දෙවියන්, යේසුස්, පවුල, දුක්වේදනා වගේ විෂයන් ගැන ඇති වෙන ප්‍රශ්නවලට බයිබලයේ තියෙන හිතට කාවදින උත්තර දැනගන්න.

බයිබල් පද පැහැදිලි කිරීමක්

හුඟදෙනෙක් දන්න කියන බයිබල් පදවල සහ යෙදුම්වල නිවැරදි තේරුම දැනගන්න.

ඔන්ලයින් ලයිබ්‍රරි (opens new window)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන යොදාගෙන බයිබල් විෂයන් ගැන ගවේෂණය කරන්න

ගුරුවරයෙක් එක්ක බයිබල් සාකච්ඡාවක් කරන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්.

මාව ඇවිත් හමු වෙන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.