Skip to content

අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන ඇයි?

අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන දෙවියන්ට ළං වෙන්න තියෙන එකම මාර්ගය යේසුස් නිසයි. ඒ ගැන යේසුස්ම මෙහෙම කිව්වා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) තවත් අවස්ථාවක යේසුස් මෙහෙමත් කිව්වා. ‘ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මගේ නාමයෙන් ඔබට දෙනවා.’—යොහන් 16:23.

අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කිරීමට තවත් හේතු

  •   යේසුස්ටත් ඔහුගේ පියාණන් වන යෙහෝවා දෙවියන්ටත් ගෞරවය පෙන්නන්න.—ෆිලිප්පි 2:9-11.

  •   අපිට ගැලවීම ලබාගන්න මාර්ගය විවෘත කළ යේසුස්ගේ ජීවිත පූජාව අපි අගය කරන බව පෙන්නන්න.—මතෙව් 20:28; ක්‍රියා 4:12.

  •   මිනිසුන් වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්න සිටින්නේ යේසුස් පමණක් බව අපි පිළිගන්න නිසා.—හෙබ්‍රෙව් 7:25.

  •   දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උත්තම පූජකයා හැටියට යේසුස් කරන සේවය අපි අගය කරන නිසා.—හෙබ්‍රෙව් 4:14-16.