Skip to content

සමලිංගික විවාහයන් ගැන බයිබලයේ කියන්නේ මොකද්ද?

සමලිංගික විවාහයන් ගැන බයිබලයේ කියන්නේ මොකද්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ආණ්ඩුවලින් විවාහය සම්බන්ධයෙන් නීති පනවන්න කලින් අපේ නිර්මාතෘ දෙවියන් විවාහය සම්බන්ධයෙන් නීති දාලා තිබුණා. බයිබලයේ මුල්ම පොතේ මෙහෙම කියනවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24) එක් ශබ්දකෝෂයකට අනුව හෙබ්‍රෙව් භාෂාවෙන් “භාර්යාව” යන වචනයේ අර්ථය වන්නේ “ස්ත්‍රියක්.” යන්නයි. (Vine’s Expository Dictionary of Biblical Words) යේසුස් කිව්වේ විවාහ වෙන දෙන්නෙක් “පුරුෂයෙකු සහ ස්ත්‍රියක” වශයෙන් එකට බැඳී ඉන්න ඕන කියලයි.—මතෙව් 19:4.

 ඒකෙන් දෙවියන් අදහස් කළේ විවාහ වෙන පුරුෂයා හා ස්ත්‍රිය අතර ස්ථිර මෙන්ම කිට්ටු බැඳීමක් තිබිය යුතු බවයි. පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව දෙවියන් නිර්මාණය කරලා තියෙන්නේ එකිනෙකාට සහයෝගය දක්වන්නයි. ඒ නිසා එකිනෙකාගේ හැඟීම් ගැන, ලිංගික අවශ්‍යතාවන් ගැන මෙන්ම දරුවන්ව ඇතිදැඩි කිරීම ගැන ඔවුන් සැලකිලිමත් වෙන්න ඕනේ.