Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර චිත්‍රපටි, පොත් හෝ සිංදු තහනම් කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර චිත්‍රපටි, පොත් හෝ සිංදු තහනම් කරනවාද?

 නැහැ. යම් චිත්‍රපටියක්, පොතක් හෝ සිංදුවක් සභාවේ අයට බලන්න හෝ අහන්න පුළුවන්ද කියන එක ගැන නීති පැනවීමේ අරමුණින් අපි හැම චිත්‍රපටියක්ම, පොතක්ම, සිංදුවක්ම සෝදිසි කරලා බලන්නේ නැහැ. අපි එහෙම නොකරන්නේ මේ හේතු නිසයි.

 බයිබලේ කියන්නේ අපිට තියෙන ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරලා’ අපි එක් එක් කෙනා හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න ඕන කියලයි.—හෙබ්‍රෙව් 5:14.

 බලන්න, කියවන්න, අහන්න සුදුසු මොන වගේ දේවල්ද කියලා තීරණය කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් කෙනෙක්ට උදව් වෙනවා. a බයිබලේ උනන්දු කරලා තියෙන්නේ “ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න” කියලයි. ඒ නිසා අපි විනෝදය සඳහා යමක් තෝරගද්දිත් ඒක මතක තියාගන්නවා.—එෆීස 5:10.

 දෙවියන් පවුලේ මූලිකයාට ඒ කියන්නේ ස්වාමිපුරුෂයාට පවුල තුළ යම් බලතල දීලා තියෙනවා. ඒ නිසා තමන්ගේ පවුලේ අයට යම් චිත්‍රපටි හා පොත් බලන්න, කියවන්න එපා කියලා හෝ යම් සිංදු අහන්න එපා කියලා හෝ කියන්න ඔහුට අයිතියක් තියෙනවා. (1 කොරින්ති 11:3; එෆීස 6:1-4) හැබැයි සභාවේ ඉන්න තමන්ගේ පවුලට අයිති නැති අයට චිත්‍රපටි, පොත් හෝ ගීත සම්බන්ධයෙන් යම් සීමා තහංචි පනවන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ.—ගලාති 6:5.

a අද්භූත ක්‍රියා, අනාචාරය හා ගහ මරාගැනීම් හුවා දක්වන දේවල් බයිබලේ හෙළාදැකලා තියෙනවා.—ද්විතීය කතාව 18:10-13; එෆීස 5:3; කොලොස්සි 3:8.