Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවද?

 ඔව්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. අපි නිරෝගීව ඉන්න උත්සාහ කළත් සමහර වෙලාවට අසනීප වෙන නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්න අපිට සිද්ධ වෙනවා. (ලූක් 5:31) පළමුවෙනි සියවසේ හිටපු යේසුස්ගේ නියෝජිතයෙක් වුණු ලූක් වගේ අද ඉන්න සමහර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් වෘත්තියෙන් වෛද්‍යවරු.—කොලොස්සි 4:14.

 වෛද්‍යවරු නිර්දේශ කරන සමහර ප්‍රතිකාර බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට පටහැනි නම් අපි ඒවා පිළිගන්නේ නැහැ. උදාහරණයකට රුධිරයෙන් වළකින්න කියලා බයිබලේ සඳහන් වෙන නිසා අපි රුධිරය ලබාගන්නේ නැහැ. (ක්‍රියා 15:20) ඒ වගේම භූතවාදයට සම්බන්ධ හැම දෙයක්ම බයිබලේ හෙළාදැකලා තියෙන නිසා ලෙඩේ හොයාගන්න එහෙමත් නැත්නම් බෙහෙත් පිළියෙල කරන්න හෝ ප්‍රතිකාර කරන්න අද්භූත දේවල් කරනවා නම් අපි ඒවා පිළිගන්නෙත් නැහැ.—ගලාති 5:19-21.

 හැබැයි හුඟක් වෛද්‍ය ප්‍රතිකාර බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට පටහැනි නැති නිසා ඒ අතරින් කැමති ප්‍රතිකාරයක් තෝරගන්න කෙනෙකුට නිදහස තියෙනවා. ඒක කෙනෙක්ගේ කැමැත්ත අකමැත්ත අනුව ගන්න තීරණයක්. ඒ නිසා යම් බෙහෙතක් නැත්නම් ප්‍රතිකාරයක් ලබාගන්න, එක සාක්ෂිකරුවෙක් කැමති වුණත් තවත් සාක්ෂිකරුවෙක් අකමැති වෙන්න පුළුවන්.—ගලාති 6:5.