ගීතාවලිය 37:1-40

දාවිත් රචනා කළ ගීතයකි. א [ආලෙෆ්] 37  දුෂ්ටයන්ගේ ක්‍රියාවන් නිසා කේන්ති නොගන්න.+අධර්මිෂ්ඨකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.+   මන්ද තණකොළ කෙටි කාලයකින් වියළී යන්නාක් මෙන් ඔවුහුද වියළී යන්නෝය.+නිල් පලා මැලවී යන්නාක් මෙන් ඔවුහු පහව යන්නෝය.+ ב [බේත්]   යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න.+ජීවිත කාලය පුරාම විශ්වාසවන්තව කටයුතු කරන්න.+   යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න.+එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.+ ג [ගීමෙල්]   ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න.+ඔහු මත රඳා සිටින්න.+ එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.+   ඔහු ඔබේ ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද+ඔබේ යුක්තිය දහවල් ආලෝකය මෙන්ද පැහැදිලිව පෙනෙන්න සලස්වයි.+ ד [දාලෙත්]   යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව,+ඉවසිලිවන්තව බලා සිටින්න.+කෙනෙකු හිතුමතේට ක්‍රියා කර+ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.+ ה [හේ]   කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න.+මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.+   දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය.+නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය.+ ו [වාව්] 10  තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+ 11  නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+ ז [ෂායින්] 12  දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+ 13  නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+ ח [චේත්] 14  පීඩිතයාව සහ දුප්පතාව තව තවත් පාගා දමන පිණිසත්+අවංකව ජීවත් වන අයව මරා දමන පිණිසත්+දුෂ්ටයෝ කඩුව පිටතට ඇද, දුන්න සූදානම් කරගත්තෝය.+ 15  නමුත් ඔවුන්ගේම කඩු ඔවුන්ගේ හදවත් පසාරු කරන්නේය.+ඔවුන්ගේ දුනු කැඩී යන්නේය.+ ט [ටේත්] 16  දුෂ්ටයන් සතු බොහෝ දේට වඩා+ධර්මිෂ්ඨයා සතු ස්වල්පය හොඳය.+ 17  මන්ද දුෂ්ටයන්ගේ බලය බිඳ දමනු ලබන්නේය.+නමුත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ඇත.+ י [යෝද්] 18  නිර්දෝෂ අයගේ ක්‍රියාවන් යෙහෝවා දෙවි හොඳින් දන්නේය.+ඔවුන්ගේ උරුමය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය.+ 19  විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+ כ [කෆ්] 20  නමුත් දුෂ්ටයෝ විනාශ වී යන්නෝය.+යෙහෝවා දෙවිගේ සතුරන් සරුවට වැඩුණු තණබිම් මෙන් සිටියත්අවසානයේදී ඔවුහු විනාශ වී යන්නෝය.+ ඔවුහු දුමක් මෙන් අතුරුදහන් වී යන්නෝය.+ ל [ලාමෙද්] 21  දුෂ්ටයා ණයට ගත් දේ පවා නොගෙවන්නේය.+නමුත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලීව බොහෝ තෑගිබෝග දෙන්නේය.+ 22  දෙවිගෙන් ආශීර්වාද ලබන අය පොළොව උරුම කරගන්නෝය.+නමුත් ඔහුගෙන් දඬුවම් ලබන අය විනාශ වී යන්නෝය.+ מ [මෙම්] 23  යෙහෝවා දෙවි මනුෂ්‍යයා යා යුතු මඟ පෙන්වා දෙන්නේය.+යමෙකු එම මාර්ගයේ ගමන් කරන විට ඔහු ගැන දෙවි සතුටු වන්නේය.+ 24  ඔහුගේ පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත.+මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය.+ נ [නුන්] 25  දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+ 26  සෑම දිනකම ඔහු කරුණාව පෙන්වමින් ණයට දෙන්නේය.+එබැවින් ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙන්නේය.+ ס [සාමෙක්] 27  නපුරෙන් ඈත් වී යහපත කරන්න.+එවිට ඔබ සදහටම ජීවත් වනු ඇත.+ 28  මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+ 29  ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය.+ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.+ פ [පේ] 30  ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව පිට වන්නේය.+ඔහුගේ දිව සාධාරණ ලෙස කතා කරන්නේය.+ 31  දෙවිගේ නීතිය නිතරම ඔහුගේ හදවතේ තිබේ.+එබැවින් ඔහුගේ පාද කිසිවිටක නොලිස්සන්නේය.+ צ [ට්සාධේ] 32  දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව හසු කරගැනීමට බලා සිටින්නේය.+ඔහුව මරා දැමීමට දුෂ්ටයා මාන බලන්නේය.+ 33  නමුත් යෙහෝවා දෙවි ඔහුව දුෂ්ටයාගේ අතට හසු වීමට ඉඩ නොදෙන්නේය.+ඔහුව විනිශ්චය කරන විට වරදකරුවෙකු ලෙස දෙවි තීන්දු නොකරන්නේය.+ ק [කෝෆ්] 34  යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+ ר [රේෂ්] 35  දුෂ්ටයාගේ කුරිරු පාලනය මම දුටුවෙමි.+සිටෙවූ පසෙහිම අතු පතර විහිදී යමින් සරුසාරව වැඩෙන ගසක් මෙන් ඔහු සාර්ථක වෙනවාද මම දුටුවෙමි.+ 36  නමුත් ඔහු දැන් එතැන නැත. ඔහු විනාශ වී ගියේය.+මා ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි විය.+ ש [ෂින්] 37  නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න.+සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත.+ 38  නමුත් වැරදි කරන සියලුදෙනාවම විනාශ කරනු ලබන්නේය.+දුෂ්ටයෝ වැඩි කල් පවතින්නේ නැත.+ ת [ටාව්] 39  ධර්මිෂ්ඨයන්ට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+දුක් කරදර ඇති කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+ 40  යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කර ඔවුන්ට ගැලවීම සලසා දෙන්නේය.+ඔවුන් දෙවිගේ රැකවරණය පතන නිසා ඔහුදුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවාගන්නේය.+ ඔහු ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+

පාදසටහන්