Skip to content

පටුනට යන්න

මුරටැඹ 2021 අංක 1 | යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා ඔයාට කවදා හරි හිතිලා තියෙනවාද? එහෙම ඔයාට හිතිලා තියෙනවා නම් එහෙම හිතපු එකම කෙනා ඔයා විතරක් නෙවෙයි. හුඟක් අය එයාලගේ ප්‍රශ්න ගැන දෙවියන්ට යාච්ඤා කළත් ඒ ප්‍රශ්නවල කිසිම වෙනසක් වෙලා නැහැ. දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා අපිට කියන්න පුළුවන් ඇයි කියලත් සමහර යාච්ඤාවලට උත්තර නොලැබෙන්නේ ඇයි කියලත් දෙවියන් ඇහුම්කන් දෙන විදිහට යාච්ඤා කරන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපි මාලාවෙන් අපි බලන්න යනවා.

 

යාච්ඤා කරන එක ගැන හුඟදෙනෙක් කියන දේ

යාච්ඤාව කියන්නේ දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක්ද නැත්නම් ඒක නිකම්ම චාරිත්‍රයක්ද?

දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

අපි හරි විදිහට යාච්ඤා කරනවා නම් දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා බයිබලේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.

දෙවියන් හැම යාච්ඤාවකටම උත්තර නොදෙන්නේ ඇයි?

දෙවියන් ඇහුම්කන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද ඇහුම්කන් දෙන්නේ නැත්තේ මොන වගේ යාච්ඤාවලටද කියලා බයිබලේ සඳහන් වෙනවා.

දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් ශබ්ද නඟා හරි හිතෙන් හරි දෙවියන්ට යාච්ඤා කරන්න. යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද කියලත් යේසුස් උගන්වලා තියෙනවා.

යාච්ඤා කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න යාච්ඤාව ඔයාට උදව් වෙන්නේ කොහොමද?

දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

ඔයා කරන යාච්ඤා දෙවියන්ට ඇහෙනවා කියලත් ඔයාට උදව් කරන්න ඔහුට ඕනෙ කියලත් බයිබලේ කියනවා.