Skip to content

පටුනට යන්න

දෙවි පාලනය කරන කාලයේදී සාමය නැති තැනක් නැහැ. අපේ හිත් සතුටින් පිරිලා යයි.—ගීතාවලිය 37:11

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

හිතේ කරදරවලට විසඳුමක් බයිබලයේ තියෙනවාද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

දෙවියන් “ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:7) ඔයාගේ හිතට සහනයක් දෙන්න දෙවියන්ට පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට ඔයාගේ හිතේ කරදර කියද්දී ‘ඔහු දෙන සමාදානය’ නිසා ඔයාට ලොකු සන්සුන්කමක් දැනෙයි.—ෆිලිප්පි 4:6, 7.

  • බයිබලය කියවන එකත් ඔයාගේ හිතට දැනෙන පීඩනය දරාගන්න උදව්වක්.—මතෙව් 11:28-30.

හිතේ කරදර නැති කාලයක් එයිද?

සමහරු හිතනවා ‘ඉපදුණොත් ඉතිං දුක් කරදර විඳින්නම වෙනවා’ කියලා. ‘ඒවා නැති වෙන්න මැරෙන්නම ඕනේ’ කියලා හිතන අයත් ඉන්නවා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) දුක් කරදරවලට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් නැති කරන්න යනවා.

බයිබලයේ මෙහෙමත් කියනවා