Skip to content

පටුනට යන්න

 නිර්මාණයක්ද?

පළඟැටි දෑසේ විස්මය

පළඟැටි දෑසේ විස්මය

පළඟැටියන් මිලියන 80ක් පමණ එක පොදියට පියඹා ගියත් එකෙක්වත් තවත් එකෙකුගේ ඇඟේ වදින්නේ නැහැ. කොහොමද එහෙම දෙයක් වෙන්නේ?

මේ ගැන සිතන්න: චලනය වන යමක් පළඟැටියා අවට තියෙනවා කියා දැනුම් දෙන නියුරෝනයක උගේ ඇස් පිටුපස තියෙනවා. යමක් උගේ ඇඟේ වඳින්න යන විට ඒ නියුරෝන මගින් උගේ තටුවලට සහ කකුල්වලට ඒ බව දැනුම් දෙනවා. එවිට ඌ, අපි ඇස් පිල්ලන් ගසන වේගයට වඩා පස් ගුණයක වේගයකින් ක්‍රියාත්මක වෙනවා.

එහා මෙහා යන රොබෝ යන්ත්‍රවල ඉදිරියට එන වස්තූන් හඳුනාගන්න දැන් යොදාගන්නේ රේඩාර් හෝ අධෝරක්ත කිරණ මගින් ක්‍රියා කරන සංකීර්ණ උපකරණයි. නමුත් ඒ වෙනුවට පළඟැටියාගේ ඇස්වල සහ නියුරෝනවල ක්‍රියාකාරීත්වය අනුකරණය කරන තාක්ෂණික ක්‍රමයක් රොබෝ යන්ත්‍රවලට යොදාගන්න විද්‍යාඥයන් උත්සාහ කරනවා. ඒ වගේම මේ තාක්ෂණය වාහන සඳහාත් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. වාහනවලට අනතුරු ඇඟවීම් ලබා දෙන සංඥා පද්ධතිය එමගින් වඩාත් කාර්යක්ෂම වන නිසා රිය අනතුරු අඩු කරගන්න හැකි වෙයි කියා පර්යේෂකයන් සිතනවා. එක්සත් රාජධානියේ ලින්කන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් පැවසුවේ “පළඟැටියා වගේ කුඩා කෘමියෙකුගෙන් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා” කියායි.

ඔබේ නිගමනය කුමක්ද? පළඟැටියාට එවැනි නියුරෝන ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?