Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—වින්ඩෝස්

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—වින්ඩෝස්

බයිබලය කියවලා අධ්‍යයනය කරන එක ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ ප්‍රධාන අංගයක්.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසාගන්න මේ උපදෙස් පිළිපදින්න:

 බයිබලයක් ඩවුන්ලෝඩ් කරන්න

විවිධ බයිබල් පරිවර්තන ඩවුන්ලෝඩ් කරගෙන ඕෆ්ලයින් ඉද්දී ඒවා කියවන්න සහ අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්.

  • ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන බාර් එකේ බයිබලය කියන ටැබ් එක ටැප් කරලා පොත් කියන ටැබ් එක ටැප් කරන්න. එතකොට බයිබල් පොත්වල ලැයිස්තුව ස්ක්‍රීන් එකේ දිස් වෙයි.

  • ඇප් කමාන්ඩ්ස් බාර් එක ඕපන් කරලා භාෂා බට්න් එක ටැප් කළාම තියෙන ඔක්කොම බයිබල් දකින්න පුළුවන්. ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ ඔයා වැඩියෙන්ම පාවිච්චි කරපු භාෂාවේ පරිවර්තනයි. භාෂාවේ නම හෝ පරිවර්තනයේ නම ටයිප් කරලා හොයන්නත් පුළුවන්. උදාහරණයකට ඉංග්‍රීසියෙන් “int” කියලා ටයිප් කළොත් ‘කිංඩම් ඉන්ටර්ලීනියර්’ කියන බයිබලයත් “port” කියලා ටයිප් කළොත් පෘතුගීසි භාෂාවෙන් තියෙන ඔක්කොම බයිබලුත් හොයාගන්න පුළුවන්.

  • Cloud අයිකන් එක (වලාකුළක හැඩය ඇති) දිස් වෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරලා නැති බයිබල් පෙන්වන්නයි. ඒ වගේ බයිබලයක් උඩ ටැප් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. බයිබලය ඔයාගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් වුණාම cloud අයිකන් එක නැති වෙලා යනවා. බයිබලය කියවන්න ආයේ සැරයක් ඒ බයිබලය උඩ ටැප් කරන්න.

ඔයාට ඕන කරන භාෂාවෙන් බයිබලයක් නැත්නම් වෙන වෙලාවක ආයෙත් බලන්න. මොකද, විටින් විට තවත් බයිබල් පරිවර්තන ඇප් එකට අපි එකතු කරනවා.

 බයිබලයක් ඩිලීට් කරන්න

ඩවුන්ලෝඩ් කරගත්ත බයිබලයක් තවදුරටත් ඕනෙ නැත්නම් හෝ ස්පේස් ඉතුරු කරගන්න ඕනෙ නම් ඒක ඩිලීට් කරන්න පුළුවන්.

ස්ක්‍රීන් එකේ උඩින්ම තියෙන බාර් එකේ බයිබලය කියන ටැබ් එක ටැප් කරන්න. ඊටපස්සේ භාෂා කියන බට්න් එක ටැප් කරන්න. එතකොට බයිබල් ලැයිස්තුව දකින්න ලැබෙනවා. ඒ ලැයිස්තුවෙන් ඔයාට ඩිලීට් කරගන්න ඕන බයිබලය තෝරලා ඒකට දකුණින් තියෙන තවත් කියන බට්න් එක ටැප් කරන්න. අන්තිමට ඩිලීට් බට්න් එක ටැප් කරන්න.

 බයිබලයක් අප්ඩේට් කරගන්න

බයිබල් ඩවුන්ලෝඩ් කරගත්තාම ඒවාට විටින් විට ‘අප්ඩේට්ස්’ එනවා.

බයිබලයක් අප්ඩේට් කරන්න තියෙනවා නම් එතැන ‘රිෆ්‍රෙෂ්’ අයිකන් එකක් පෙන්නනවා. ඔයා බයිබලය උඩ ටැප් කළාම ‘අප්ඩේට්’ එකක් තියෙනවා කියලා පෙන්නයි. ‘අප්ඩේට්’ කරගන්න ඕනෙ නම් ඩවුන්ලෝඩ් බට්න් එක ටැප් කරන්න. ‘අප්ඩේට්’ නොකර දැනට තියෙන බයිබලය කියවගෙන යන්න කැමති නම් පසුව කියන බට්න් එක ටැප් කරන්න.

2015 මාර්තු මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.4 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. වින්ඩෝස් 8.1 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.