Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

වචන හයිලයිට් කරන්න—iOS

 

වචන හයිලයිට් කරන්න—iOS

‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශනයක් කියවන ගමන් සහ අධ්‍යයනය කරන ගමන් වචන හෝ වචන කාණ්ඩ හයිලයිට් කරන්න පුළුවන්.

වචන හෝ වචන කාණ්ඩ හයිලයිට් කරන්න මේ උපදෙස් පිළිපදින්න:

හයිලයිට් කරන්න

වචනයක් හෝ වචන කාණ්ඩයක් හයිලයිට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

වචනයක් උඩ මොහොතක් ඔබාගෙන ඉන්න. එතකොට ඒ වචනය සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වුණු ඒ වචනය දෙපැත්තේ තියෙන කෑලිවලින් ඇදලා හයිලයිට් කරන්න අවශ්‍ය ප්‍රමාණය තෝරගන්න. ඊටපස්සේ එතනින්ම මතු වෙන තීරුවේ හයිලයිට් බට්න් එක ටැප් කරලා කැමති පාටක් තෝරගෙන හයිලයිට් කරන්න.

 වචනයක් හෝ වචන කාණ්ඩයක් එකපාරින් හයිලයිට් කරන්නත් පුළුවන්. වචනයක් උඩ මොහොතක් ඔබාගෙන ඉඳලා වචන කාණ්ඩය උඩින් ඇඟිල්ල ඇදගෙන යන්න. එතකොට ඒ වචන කාණ්ඩය හයිලයිට් වෙනවා. ඒත් එක්කම මතු වෙන තීරුවෙන් පාට වෙනස් කරගන්නත් හයිලයිට් කරපු එකක් ඩිලීට් කරන්නත් පුළුවන්.

පාට වෙනස් කරන්න සහ ඩිලීට් කරන්න

පාට වෙනස් කරන්න ඕනෙ නම් හයිලයිට් කරපු වචනය හෝ වචන කාණ්ඩය උඩ ටැප් කරලා අලුත් පාටක් තෝරගන්න. ඩිලීට් කරන්න ඕනෙ නම් හයිලයිට් කරපු කොටස උඩ ටැප් කරලා ඩිලීට් බට්න් එක ටැප් කරන්න.

2015 නොවැම්බර් මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.6 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. iOS 7.0 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.