හිතෝපදේශ 17:1-28

17  රණ්ඩු දබර ඇති නිවසක සිට බොහෝ පුදපූජා ඔප්පු කරනවාට වඩා+ සමාදානයෙන් වියළි රොටි කැබැල්ලක් කෑම හොඳය.+  ගැඹුරු අවබෝධයකින් යුතුව වැඩ කරන දාසයෙක් නින්දිතව හැසිරෙන පුත්‍රයෙකුව පාලනය කරයි.+ ඒ නිසා ඔහුටද තම ස්වාමියාගේ පුතුන්ට ලැබෙන උරුමයෙන් කොටසක් හිමි වෙයි.+  රිදී පවිත්‍ර කිරීම සඳහා භාජනයක්ද රන් පවිත්‍ර කිරීම සඳහා උදුනක්ද තිබේ.+ එහෙත් සිත් සෝදිසි කරන්නේ යෙහෝවා දෙවිය.+  දුෂ්ටයා හානිකර කතා පවසන අයට ඇහුම්කන් දෙයි.+ බොරුකාරයෙක් අන්‍යයන්ට හානියක් ගෙන දෙන කතාවලට සවන් දෙයි.+  අගහිඟකම් ඇති තැනැත්තාව සරදමට ලක් කරන්නා තමාගේ නිර්මාතෘට නින්දා කරන්නේය.+ අනුන්ගේ විපතේදී ප්‍රීති වන්නා දඬුවමින් නිදහස් නොවන්නේය.+  මහල්ලන්ට ඔවුන්ගේ මුනුපුරෝ ඔටුන්නක් මෙන් වන්නෝය.+ පියවරු පුත්‍රයන්ට ගෞරවයකි.+  නිවැරදි අදහස් ප්‍රකාශ කිරීම අඥානයෙකුගේ චරිතයට කොහෙත්ම නොගැළපේ.+ එසේනම්, අධිපතියෙකුගේ මුවින් වංචනික අදහස් පිට වීම කොතරම් නුසුදුසුද?+  මිනිසෙකු තමා දෙන තෑග්ගක් සලකන්නේ සිත් ඇදගන්නාසුලු මැණිකක් මෙනි.+ ඔහු යන යන තැන තම අරමුණ ඉටු කරගනී.+  වරදක් අමතක කර දමන තැනැත්තා ප්‍රේමණීය අයෙකි.+ නමුත් වරදක් ගැන හැම තැනම කතා කරන්නා කිට්ටු මිත්‍රයන්ව වෙන් කරයි.+ 10  අඥානයෙකුට සිය වරක් පහර දෙනවාට වඩා+ හොඳ අවබෝධයකින් වැඩ කරන කෙනෙකුට එක් තරවටුවක් දීම ප්‍රයෝජනවත්ය.+ 11  දුෂ්ටයාගේ එකම ආශාව වන්නේ කැරලිගැසීමයි.+ ඔහුට විරුද්ධව යවන ලද දූතයා කිසිදු අනුකම්පාවක් නොපෙන්වයි.+ 12  මෝඩ ලෙස හැසිරෙන අඥානයෙකුව+ මුණගැසීමට වඩා පැටවුන් නැති වූ වැලහින්නියකව හමු වීම යහපත්ය.+ 13  තමාට හොඳක් කළ අයෙකුට නපුරක් කරන තැනැත්තාගේ+ නිවසට කිසිදා යහපතක් නම් සිදු නොවෙයි.+ 14  රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි.+ එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.+ 15  දුෂ්ටයා ධර්මිෂ්ඨයෙකුයයි කියන තැනැත්තා+ සහ ධර්මිෂ්ඨයා දුෂ්ටයෙකුයයි කියන තැනැත්තා+ යන දෙදෙනාම යෙහෝවා දෙවිට පිළිකුලකි.+ 16  අඥානයාට සැබෑ ප්‍රඥාව ලබාගැනීමට හැකියාව තිබුණද+ ඔහුගේ චේතනා පිරිසිදු නැත්නම්+ එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? 17  සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.+ ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.+ 18  අඥානයා* අතට අත දී+ තම මිතුරා වෙනුවෙන් ඇප වීමට පොරොන්දු වෙයි.+ 19  වැරදි දේට ආශා කරන තැනැත්තා දබරයට ප්‍රිය කරයි.+ තමාගේ දොරකඩ උසට තනාගන්නා විනාශයට අත වනයි.+ 20  වංක සිත් ඇත්තන්ට කිසි යහපතක් සිදු නොවෙයි.+ වංචනික කතා පවසන තැනැත්තා විපතට පත් වෙයි.+ 21  මෝඩ දරුවෙක් තම පියාට ශෝකය ගෙන දෙයි.+ අඥාන දරුවෙකුගේ පියාට ප්‍රීති වීමට කිසිදු හේතුවක් නැත.+ 22  ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.+ නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි.+ 23  දුෂ්ටයා යුක්තිය පෙරළන පිණිස+ රහසින් දෙන අල්ලසක් වුවද පිළිගනියි.+ 24  කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තා ප්‍රඥාව දෙසම ඇස් යොමා සිටියි.+ එහෙත් අඥානයාගේ මනස* එහෙ මෙහෙ දුවන්නේය.+ 25  අඥාන පුතෙකු තම පියාට ගෙනෙන්නේ මහත් වේදනාවකි.+ ඔහු තම මවට ශෝකයකි.+ 26  ධර්මිෂ්ඨ තැනැත්තාට දඬුවම් කිරීම නුසුදුසුය.+ අධිපතියෙකුට පහර දීමද සුදුසු ක්‍රියාවක් නොවෙයි.+ 27  දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය.+ වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.+ 28  නිශ්ශබ්දව සිටින විට මෝඩයෙකු පවා ප්‍රඥාවන්තයෙකු මෙන් පෙනේ.+ ඔහු කිසිවක් කතා නොකරන විට දැනුම් තේරුම් ඇති පුද්ගලයෙකු මෙන් පෙනේ.

පාදසටහන්

හිතෝ 6:32හි පාදසටහන බලන්න.
මූ.අ., “ඇස්.”