Skip to content

පටුනට යන්න

විනාශයෙන් බේරෙන අයට පාරාදීස පොළොවක ජීවත් වෙන්න ලැබෙනවා

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි.” (2 තිමෝති 3:1) බයිබල් අනාවැකි, මේ කාලේ සිද්ධ වෙන දේවල් එක්ක සසඳද්දි අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා පැහැදිලියි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • අවසාන කාලය හඳුනගන්න තියෙන ලකුණුවලට යුද්ධ, සාගත, භූමිකම්පා, වසංගත වගේ දේවල් අයිති වෙනවා.—මතෙව් 24:3, 7; ලූක් 21:11.

  • අවසාන කාලෙදී මේ සමාජයේ මිනිසුන් දෙවියන්ගෙන් ඈත් වුණු සදාචාරය අතින් පිරිහුණු තත්වයකට පත් වෙනවා.—2 තිමෝති 3:2-5.

අනාගතයේදී මිනිසුන්ට මොනවා වෙයිද?

සමහරු හිතනවා ලොකු විනාශයක් ඇවිත් පොළොවත් එක්ක හැම කෙනෙක්වම විනාශ වෙලා යයි කියලා. තවත් අය හිතනවා මේ ලෝකේ තත්වය හොඳ අතට හැරෙයි කියලා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”ගීතාවලිය 37:29.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා.—1 යොහන් 2:17.

  • මේ මුළු පොළොවම පාරාදීසයක් වෙනවා.—යෙසායා 35:1, 6.