Skip to content

පටුනට යන්න

සලඹයාගේ ඇස

සලඹයාගේ ඇස

නිර්මාණයක්ද?

සලඹයාගේ ඇස

● රාත්‍රියේ සැරිසරන සමහර සතුන්ගේ ඇස් දෙකට ආලෝකයක් පතිත වන විට එය පරාවර්තනය වී උන්ගේ ඇස් දිලිසෙන්න පටන්ගන්නවා. නමුත් සලඹයාගේ ඇස් එසේ දිලිසෙන්නේ නැහැ. ඊට රහස වන්නේ උගේ ඇසේ තිබෙන ස්වච්ඡ මණ්ඩලය නම් කොටසේ ඇති විශේෂත්වයයි.

මේ ගැන සිතා බලන්න: පියවි ඇසට නොපෙනෙන ෂඩස්‍රාකාර හැඩයෙන් යුත් කුඩා ගැටිති එක ළඟ එක එහි පිහිටා තිබෙනවා. ඒවායෙහි සුවිශේෂී පිහිටීම හා හැඩය නිසා ඕනෑම දිශාවකින් පැමිණෙන ආලෝකයක් උරාගැනීමටත් පරාවර්තනය වීම අඩු කිරීමටත් හැකියි. ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාඥයෙක් වන පෙං ජියෑං පවසන්නේ එම ගැටිති “ආලෝක තරංග ආයාමයකටත් වඩා කුඩා” බවයි. වෙනත් විදිහකින් පැවසුවහොත් ඒවායෙහි උස නැනෝමීටර් 200ත් 300ත් අතර ප්‍රමාණයක් වෙනවා. (මිනිස් කෙස් ගසක ගනකම නැනෝමීටර් 80,000ක් පමණ වෙයි.)

ඒ අනුව ඉංජිනේරුවන් බලාපොරොත්තු වන්නේ සලඹයාගේ ඇස ගැන තවදුරටත් අධ්‍යයනය කර ආලෝක විමෝචක දියෝඩ (LED බුබුලු) සහ ද්‍රව ස්ඵටික දර්ශක (LCD තිර) වැනි ඉලෙක්ට්‍රොනික උපාංග වැඩි දියුණු තත්වයකට ගෙන ඒමටයි. ඒ වගේම සූර්ය බලශක්තිය ලබාගැනීමේදී සලඹයාගේ ඇසේ තාක්ෂණය යොදාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා. සූර්ය ශක්තිය ලබාගැනීමට වර්තමානයේ නිපදවා තිබෙන සූර්යකෝෂවලට ලැබෙන සූර්යාලෝකය සියයට 35ක් පමණ පරාවර්තනය වීම හේතුවෙන් අපතේ යනවා. නමුත් ජියෑං හා තවත් පිරිසක් එක් වී සලඹයාගේ ඇසේ තාක්ෂණය අනුකරණය කරමින් සූර්යකෝෂයක් නිර්මාණය කළා. ඊට ලැබුණ සූර්යාලෝකයෙන් අපතේ ගියේ සියයට තුනකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ ගැන ජියෑං තවදුරටත් මෙසේ පැවසුවා. “අවට ලෝකයේ ඇති දේවලින් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.”

කල්පනා කර බලන්න. ආලෝකය පරාවර්තනය නොකරන සලඹයාගේ ඇස අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[30වන පිටුවේ පින්තූරය]

පියවි ඇසට නොපෙනෙන ෂඩස්‍රාකාර හැඩයෙන් යුත් කුඩා ගැටිති එක ළඟ එක පිහිටා තිබෙනවා

[30වන පිටුවේ පින්තූර]

සලඹයාගේ ඇසේ තාක්ෂණය අනුකරණය කරමින් සෑදූ සූර්යකෝෂයක්

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Moth eye close-up: Courtesy of Dartmouth Electron Microscope Facility; silicon close-up: Courtesy Peng Jiang