Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ගෙමැස්සාගේ තෝලක

ගෙමැස්සාගේ තෝලක

තද සුළඟකට ගසාගෙන ගොස් උඩු යටිකුරු වුණත් නැවතත් සමබරතාව ඇති කරගැනීමට ගෙමැස්සාට හැකියි. ඌට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ උගේ පියාපත්වලට යටින් පිහිටි තෝලක නිසයි. *

මේ ගැන සිතන්න: තෝලකවල හැඩය ගිනිකූරක හැඩයට සමානයි. ගෙමැස්සා තටු ගසද්දී උගේ තෝලකද ඒ හා සමාන වේගයකින් චලනය වෙයි. නමුත් චලනය වන්නේ තටුවලට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. විද්‍යාඥයන් පවසන්නේ ගෙමැස්සාගේ මේ තෝලක විශිෂ්ට ගනයේ බඹරයක් (විභ්‍රමේක්ෂයක්) ආකාරයට ක්‍රියා කරන බවයි. * එය ගෙමැස්සා පියාසර කරන විට උගේ සමබරතාව රැකගැනීමට උපකාරවත් වෙනවා.

මෙම තෝලක ක්‍රියා කරන්නේ හරියට ඔරලෝසුවක බට්ටෙක් වගෙයි. ගෙමැස්සා පියාඹන විට හදිසි සුළං රොදක් නිසා හෝ වෙනත් බාහිර බලපෑමක් නිසා උගේ සමබරතාව නැති වුණොත් එම තෝලක ඇඹරෙන්න පටන්ගනියි. එසේ ඇඹරෙන විට ඒවා ස්නායුවලට දැනෙයි. ස්නායුවලින් මොළයට ලැබෙන සංඥා නිසා ගෙමැස්සා උගේ සමබරතාව යළි ඇති කරගනියි.

ඉන්ජිනේරුවන් පවසන්නේ ගෙමැස්සාගේ මෙම තෝලක අධ්‍යයනය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකි බවයි. සුපිරි ගනයේ රොබෝවරු, අභ්‍යවකාශ යානා වැනි නිර්මාණ ඉන් කිහිපයක් පමණයි.

ඔබේ නිගමනය කුමක්ද? තෝලකවල ආධාරයෙන් ගෙමැස්සාට තම සමබරතාව රැකගැනීමේ හැකියාව ලැබුණේ අහම්බෙන්ද?

^ 3 ඡේ. මදුරුවා, ගෙමැස්සා, හෝහපුටුවා වැනි පියාපත් දෙකක් තිබෙන කෘමීන්ගේ මෙවැනි තෝලක දකින්න ලැබෙනවා.

^ 4 ඡේ. විභ්‍රමේක්ෂය (gyroscope) යනු සාමාන්‍යයෙන් විදුලි බලය ආධාරයෙන් ඉතා වේගයෙන් සෑම අතකටම කරකැවෙන කුඩා එහෙත් බර රෝදයක්.