Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

තුවාල සුව වෙන අපූරු ක්‍රමය

තුවාල සුව වෙන අපූරු ක්‍රමය

තුවාලයක් හොඳ වීමේ ක්‍රියාවලිය අපේ ශරීරයේ සිදු වෙන දහසකුත් ක්‍රියාවලීන් අතරින් එකක්. ශරීරයට තුවාලයක් වුණු සැණින්ම මේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා.

මේ ගැන සිතන්න: තුවාල සුව වෙන්නේ සෛල මගින් සිදුවන සංකීර්ණ ක්‍රියාවලි සමූහයකින්.

  • මුලින්ම රුධිර පට්ටිකා හානි වූ පටකවල ඇලිලා ලේ කැටියක් හැදෙනවා. ඒ නිසා රුධිර නාලවල සිදුරු වැහිලා ලේ ගැලීම නතර වෙනවා.

  • ඊටපස්සේ තුවාලය වටේ ඉදිමීමක් සිදු වෙනවා. ඒ ක්‍රියාවලිය නිසා තුවාලය ආසාදනය වීම වැළකෙනවා වගේම හානි වූ පටක ඉවත් වෙනවා.

  • දවස් කිහිපයක් යද්දී පටක අලුත්වැඩියා වෙන නිසා තුවාලයේ දෙකෙළවර ටිකෙන් ටික එකතු වෙනවා. ඒ වගේම හානි වුණු රුධිර කේශනාලිකාත් යථා තත්වයට පත් වෙනවා.

  • අන්තිමේදී වැඩුණු අලුත් පටක ශක්තිමත් වෙලා තුවාලය හොඳ වෙනවා.

පලුදු වුණාම ආයෙත් තිබුණු තත්වයටම පත් වෙන්න පුළුවන් ප්ලාස්ටික් විශේෂයක් හදන්න පර්යේෂකයන් පිරිසක් සමත් වෙලා තියෙනවා. ඔවුන් ඒක කරලා තියෙන්නේ අපේ ශරීරයේ ලේ කැටි ගැහෙන විදිහ අනුකරණය කරලයි. ඒ ප්ලාස්ටික් වර්ගය හැදිලා තියෙන්නේ එකිනෙකට සමාන්තරව තියෙන සියුම් නාලිකා රාශියක් එකතු වෙලයි. ඒ නාලිකා ඇතුලේ රසායනික ද්‍රව්‍යයන් 2ක් තියෙනවා. මේ ප්ලාස්ටික් විශේෂය පලුදු වුණාම නාලිකා කැඩෙන නිසා ඒවා ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍යයන් එකතු වෙලා පලුදු වුණු තැන ජෙල් එකක් හැදෙනවා. ඒ ජෙල් එක ඝන වුණාම ඒ තැන යථා තත්වයට පත් වෙනවා. තාමත් පර්යේෂණ මට්ටමේ තියෙන මේ ප්ලාස්ටික් විශේෂය තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එක පර්යේෂකයෙක් කිව්වා.

ඔබේ නිගමනය කුමක්ද? තුවාල සුව වීමේ හැකියාව ශරීරයට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි නිර්මාණය කරපු නිසාද?