Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

යුග දිවිය සතුටින් ගත කරන්නේ කොහොමද?

බයිබලේ ඒ ගැන මඟ පෙන්වීම් තියෙනවා. විවාහ සැලැස්ම ඇති කළ යෙහෝවා දෙවිගෙන්ම ලැබිලා තියෙන ඒ මඟ පෙන්වීම් සාර්ථකයි. විවාහයක් සාර්ථක කරගන්න උදව් වෙන ගතිලක්ෂණ වර්ධනය කරගන්නේ කොහොමද කියලත් විවාහයක් කඩාකප්පල් කරන ගතිලක්ෂණ මොනවද කියලත් බයිබලේ සඳහන් වෙනවා. යුග දිවියේ සතුටට දෙන්නා අතරේ හොඳ අදහස් හුවමාරුවක් තියෙන්න ඕන නිසා ඒ ගැනත් බයිබලේ උපදෙස් තියෙනවා.—කොලොස්සි 3:8-10, 12-14 කියවන්න.

සැමියා හා බිරිඳ එකිනෙකාට ගෞරව කරමින් දෙවි පවරලා තියෙන වගකීම් හරිහැටි ඉටු කරනවා නම් යුග දිවියේ සතුට සැමදා රැකෙයි.—කොලොස්සි 3:18, 19 කියවන්න.

විවාහය රැකගන්න පුළුවන් කොහොමද?

යුවළක් එකිනෙකාට ආදරේ නම් විවාහය රැකෙනවා. එකිනෙකාට පෙන්නන්න ඕන මොන වගේ ආදරයක්ද කියලා යෙහෝවා දෙවිගෙන් හා යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඔවුන් නිතරම වැඩ කළේ අනිත් අය ගැන හිතලයි.—1 යොහන් 4:7, 8, 19 කියවන්න.

දෙවියන් ඇති කළ විවාහ සැලැස්මට ගෞරව කරන යුවළක් වෙන් වෙන්නේ නැහැ. විවාහ වෙන දෙන්නෙක් හැමදාටම එකට ඉන්න එක දෙවිගේ අරමුණයි. ඒක පවුලේ හැමෝටම ආරක්ෂාවක්. ශරීර සැකැස්ම හා හැඟීම් දැනීම් අතින් පුරුෂයෙක් හා ස්ත්‍රියක් වෙනස් වුණත් දෙවියන් ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නේ එකිනෙකාට සහය වෙමින් ජීවත් වෙන්න පුළුවන් විදිහටයි. දෙවිගේ ගතිලක්ෂණ ඇතුව ඔවුන්ව නිර්මාණය කරලා තියෙන නිසා එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් විවාහය රැකගන්න ඔවුන්ට පුළුවන්.—උත්පත්ති 1:27; 2:18, 24 කියවන්න.