Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?

දෙවියන්ගේ නිර්මාණවලින් ඔහු ගැන දැනගන්නත් ඔහුට ආදරය කරන්නත් දරුවන්ට උගන්වන්න

දරුවන් දෙවියන්ට ආදරය කරන්නේ ඔහු ඉන්නවා කියලත් ඔහු දරුවන්ට ආදරෙයි කියලත් තහවුරු වුණොත් විතරයි. ඔවුන් දෙවියන්ට ආදරය කරන්න නම් ඔහු ගැන දැනගන්න ඕනේ. (1 යොහන් 4:8) දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි, මිනිසුන්ට දුක්විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි, අනාගතයේදී ඔහු මිනිසුන් වෙනුවෙන් කරන්නේ මොනවාද කියන ඒ ප්‍රශ්නවලට දරුවන් උත්තර දැනගන්න ඕනේ.—ෆිලිප්පි 1:9 කියවන්න.

දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න නම් ඔබ දෙවියන්ට ආදරය කරනවා කියලා දරුවෝ දකින්න ඕනේ. ඔවුන් ඔබව ආදර්ශයට ගන්නේ එතකොටයි.—ද්විතීය කතාව 6:5-7; හිතෝපදේශ 22:6 කියවන්න.

දරුවන්ගේ හදවතට කතා කරන්න පුළුවන් කොහොමද?

දෙවියන්ගේ වචන බලවත්. (හෙබ්‍රෙව් 4:12) ඒ නිසා බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් දරුවන්ට කියලා දෙන්න. යේසුස් මිනිසුන්ගේ හදවතට කතා කළේ ප්‍රශ්න අහලා, සවන් දීලා, බයිබල් පද පැහැදිලි කරලා දීලයි. ඔබටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට අරන් ඒ විදිහට දරුවන්ට උගන්වන්න.—ලූක් 24:15-19, 27, 32 කියවන්න.

දෙවියන් මිනිසුන් එක්ක කටයුතු කරපු විදිහ ගැන වාර්තා බයිබලයේ තියෙනවා. දෙවියන්ව හොඳට දැනගෙන ඔහුට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න ඒවා යොදාගන්න පුළුවන්. ඒ සඳහා උදව් වෙන ප්‍රකාශන www.mr1310.com/si වෙබ් අඩවියේ තියෙනවා.—2 තිමෝති 3:16 කියවන්න.