Skip to content

වෝර්වික්වල පින්තූර 3 (2015 ජනවාරි සිට අප්‍රියෙල් දක්වා)

වෝර්වික්වල පින්තූර 3 (2015 ජනවාරි සිට අප්‍රියෙල් දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අනාගත ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් වැඩ කටයුතු සිදු වෙන විදිහ. මේ තියෙන්නේ 2015 ජනවාරි සිට අප්‍රියෙල් දක්වා ගත් පින්තූරවල එකතුවක්.

වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය

  1. වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

  2. අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

  3. නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

  4. B නේවාසික ගොඩනැඟිල්ල

  5. D නේවාසික ගොඩනැඟිල්ල

  6. C නේවාසික ගොඩනැඟිල්ල

  7. A නේවාසික ගොඩනැඟිල්ල

  8. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

2015 ජනවාරි 2 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

පාලක මණ්ඩලයේ ප්‍රකාශන කමිටුවට සහය වන සහෝදර හැරල්ඩ් කෝකන් “ඔබ දෙන්නේ ඔබේ උපරිමයද” යන මාතෘකාවෙන් කතාවක් දෙමින්. මේ වගේ දිරිගන්වන කතා වෝර්වික් වැඩබිමේ ඉන්න සහෝදර සහෝදරියන්ට නිතරම අහන්න ලැබෙනවා.

2015 ජනවාරි 14 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වැඩ කරන අයගේ ආරක්ෂාවට වගේම සීත සෘතුවෙදී වැඩවලට බාධාවක් නොවෙන්න මුළු බිල්ඩිමම සුදු ඉටි රෙදිවලින් ආවරණය කරලා තියෙනවා. කෑම කාමරය, මහලු අයව රැකබලා ගන්න අංශය, ලොන්ඩ්‍රිය සහ මුළුතැන්ගේ විදියට පාවිච්චි කරන්නේ මේ ආවරණය කරලා තියෙන කොටසයි.

2015 ජනවාරි 16 - D නේවාසික ගොඩනැඟිල්ල

විදුලි කාර්මිකයන් දෙන්නෙක් වයර් රෝලක් දිග අරිමින්. දැනට, නේවාසික ගොඩනැඟිල්ලට මීටර් 12,000ට වඩා දිග වයර් ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. වෝර්වික් ඉඩම මිල දී ගත් විගසම පටන්ගත්ත ඉලෙක්ට්‍රික් වැඩ ගොඩනැඟීමේ වැඩ අවසන් වෙන කල්ම තියෙයි.

2015 ජනවාරි 16 - A නේවාසික ගොඩනැඟිල්ල

බැල්කනියේ වතුර රඳන්නේ නැති වෙන්න ගාන විශේෂ ආලේපනයට (polymethyl methacrylate) කලින් බැල්කනිය වටේ ඩක්ට් ටේප් අලවන විදිහයි මේ.

2015 ජනවාරි 23 - A නේවාසික ගොඩනැඟිල්ල

එක් එක් නේවාසික ගොඩනැඟිල්ලට විදුලි බලය බෙදාහරින අංශයේ වැඩ කරන තාත්තායි දුවයි.

2015 පෙබරවාරි 6 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

මහන්සි වෙලා වැඩ කරන අයට කෑම දෙන්න තාවකාලිකව පාවිච්චි කරන්නේ මේ ස්ථානයයි. හැමදාම 2,000ට වඩා වැඩි පිරිසක් කෑමට එනවා.

2015 පෙබරවාරි 12 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

නඩත්තු සේවා අංශයේ පහත මාලය හදන්න යකඩ කම්බි අතුරමින්.

2015 පෙබරවාරි 12 - C නේවාසික ගොඩනැඟිල්ල

ස්වේච්ඡා සේවකයන්ගේ වැඩ අගය කරමින් දරුවන් එව්ව ලියුම්. ගොඩක් ස්වේච්ඡා සේවකයන් වැඩ කරන්නේ කෙටි කාලයයි. හැම සතියකම අලුතින් සේවකයන් 500ක් විතර වැඩට එනවා. වෝර්වික් ව්‍යාපෘතියේ පෙබරවාරි මාසේදී දවසකට ස්වේච්ඡා සේවකයන් 2,500ක් විතර වැඩ කරලා තියෙනවා.

2015 පෙබරවාරි 24 - වෝර්වික් වැඩබිම

මේ වෙනකොට ව්‍යාපෘතියේ වැඩ 60% විතර අවසන්. 2015 ජනවාරි සහ අප්‍රියෙල් මාස අතරතුර කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ මූලික වැඩකටයුතු අවසන් කළා. ඒ අතරතුර නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ලට කොන්ක්‍රීට් බිත්ති සවි කෙරුවා. නේවාසික ගොඩනැඟිලිවලට සම්බන්ධ වෙන මං තීරු හදන්නත් ස්ටර්ලිං ෆොරස්ට් විලේ බැම්ම සකස් කිරීමේ වැඩත් සිදු කළා.

2015 පෙබරවාරි 25 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

තරප්පු පෙළ හදන්න තියෙන තැන. පිට කොන්ත්‍රාත්කරුවන් තට්ටු පහේ ගොඩනැඟිල්ලේ තරප්පුපෙළේ මූලික වැඩ ටික කරන අතර ඒකේ කොන්ක්‍රීට් එක දාන්නේ අපේ ස්වේච්ඡා සේවකයන්.

2015 පෙබරවාරි 26 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

සීතල දවසක පළවෙනි මහල තැනීමට අවශ්‍ය යකඩ කම්බි දමමින්. ජනවාරි සහ මාර්තු මාසේදී වෝර්වික්වලට සෙන්ටිමීටර් 127ක විතර හිම පතනයක් තිබුණා. හිම අයින් කරන කණ්ඩායම් දිගටම හිම ඉවත් කරන වැඩවල යෙදුණා. ඒ වගේ දවස්වලට වැඩ කරන අයට උණුසුම ලබාගන්න පුංචි කුටිත් හදලා තිබුණා.

2015 මාර්තු 12 - අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

සකස් කරලා ගෙනාපු කාප්පවලට තහඩු සවි කරනවා. අප්‍රියෙල් මාසේ වෙන කොට නේවාසික ගොඩනැඟිලිවලට වහලවල් සවි කිරීමේ වැඩ අවසන් කරන්න පුළුවන් වෙයි. B නේවාසික ගොඩනැඟිල්ලේ වහල ජූනි මැද වෙද්දී හදලා ඉවර කරයි.

2015 මාර්තු 18 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

ක්‍රේන් එකක ඉඳන් බලද්දී B නේවාසික ගොඩනැඟිල්ල පේන විදිහ.

2015 මාර්තු 18 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

ජල නළ සවි කරන්නන් දෙන්නෙක් නේවාසික රථ ගාලේ ඉඳන් සැලැස්ම පරීක්ෂා කරනවා. ඒ වගේ සැලැසුම් 3,400ක් මේ ව්‍යාපෘතියට ඇතුළත්.

2015 මාර්තු 23 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ඉහළට ඔසවන යන්ත්‍රයක ඉඳන් ගොඩනැඟිල්ලට ආරක්ෂිත ආවරණයක් දමමින්. වැඩ කරන අයට උපකරණ සහ යන්ත්‍රසූත්‍ර ආරක්ෂිතව පාවිච්චි කරන විදිහ ගැන කියා දෙන පුහුණු වැඩසටහන් තියෙනවා. ඒකට ක්‍රේන් ක්‍රියා කරවන විදිහ, ආරක්ෂිතව වැඩ කරන විදිහ, ශ්වසනාධාර පාවිච්චි කරන විදිහ, සංඥා හුවමාරු කරන විදිහ වගේ දේවල් ඇතුළත්.

2015 මාර්තු 30 - වෝර්වික් වැඩබිම

අප්‍රියෙල් මාසේ අවසන් වෙද්දී A, B, D නේවාසික ගොඩනැඟිලිවල වැඩිපුරම කරන්න තිබුණේ විදුලි කාර්මික වැඩයි. C ගොඩනැඟිල්ලේ (පින්තූරයේ පේන්නේ නැහැ) තීන්ත ආලේප කිරීම, ටයිල් කිරීම වගේ වැඩ පටන් අරන් තියෙනවා.

2015 අප්‍රියෙල් 15 - B නේවාසික ගොඩනැඟිල්ල

ඉහළට ඔසවන යන්ත්‍රයක ඉඳන් පිටත බිත්තිවල ආරක්ෂාවට විශේෂිත ආලේපනයක් ගල්වමින්. එක නේවාසික ගොඩනැඟිල්ලකට ඒම තීන්ත ආලේප කිරීමට මාස 2ක කාලයක් යනවා.

2015 අප්‍රියෙල් 27 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ග්‍රැනයිට් බිත්තියක් බඳින මේසන් බාස්ලා. බඩු බෑම සහ විවිධ කාර්යාල වැඩකටයුතු සිදු කරන්නේ මෙතැන.

2015 අප්‍රියෙල් 30 - වෝරවික් වැඩබිම

කුලියට ගත් කිමිදුම්කරුවෙක් විලේ සවි කරලා තියෙන වෑල්ව් එක මාරු කරනවා. මේ ක්‍රමය නිසා අවශ්‍ය වෙලාවට විලේ වතුර මට්ටම පහළ යවන්න පුළුවන්. ඒකෙන් ධාරානිපාත වර්ෂා කාලේට වතුර පිටාර ගලන්නේ නැහැ.