Skip to content

පටුනට යන්න

සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණොත්

සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වුණොත්

“මගේ මහත්තයා මාව දාලා මට වැඩිය තරුණ කෙනෙක් එක්ක යනවා කියලා කිව්වාම මට මැරෙන්න හිතුණා. එයා වෙනුවෙන් මං කොයි තරම් නම් දේවල් කැප කළාද?”—ස්පාඤ්ඤයේ මරියා.

“මගේ නෝනා හිටිහැටියේම මාව දාලා ගියා. මට දැනුණේ හරියට මගේ මුළු ලෝකෙම කඩන් වැටුණා වගෙයි. අපේ සිහින, සැලසුම් හැම දේම සුන් වුණා. ආයේ මේ දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නෑ කියලා හිතුවාට වැඩක් වුණේ නෑ. මං ආයෙත් මානසිකව වැටුණා.”—ස්පාඤ්ඤයේ බිල්.

සැමියා හරි බිරිඳ හරි ද්‍රෝහි වෙන එක හරිම වේදනාකාරී අද්දැකීමක්. තමන්ට ද්‍රෝහි වුණු කෙනාට සමාව දීලා බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගන්න සමහර අයට පුළුවන් වෙලා තියෙනවා. * ඒ කොහොම වුණත් තමන් ආදරේ කරපු කෙනා ද්‍රෝහි වුණා කියලා දැනගත්තාම ඇති වෙන වේදනාව වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ වගේ දෙයක් නිසා දුකින් ඉන්න කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොනවාද?

උදව් වෙන බයිබල් පද

ද්‍රෝහි වීමකට මුහුණ දුන්න හුඟදෙනෙක්ට බයිබලයේ තියෙන අදහස්වලින් සැනසීමක් ලැබිලා තියෙනවා. එයාලා හෙළන හැම කඳුළක්ම දෙවියන් දකිනවා කියලත් එයාලගේ වේදනාව ඔහුට දැනෙනවා කියලත් එයාලා ඉගෙනගෙන තියෙනවා.—මලාකි 2:13-16.

“මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”ගීතාවලිය 94:19.

බිල් මෙහෙම කියනවා. “ඒ පදය කියවද්දී යෙහෝවා දෙවියන් හරියට තාත්තා කෙනෙක් වගේ මාව ආදරෙන් සනසනවා කියලා මට දැනුණා.”

“ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය.”ගීතාවලිය 18:25.

කාමන්ගේ සැමියා මාස ගාණක්ම අනියම් ඇසුරක් පවත්වලා තිබුණා. කාමන් කියපු දේ බලන්න. “මගේ මහත්තයා මගේ විශ්වාසය කඩ කළත් යෙහෝවා දෙවියන් නම් කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා මට විශ්වාසයි.”

‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ෆිලිප්පි 4:6, 7.

සාෂා මෙහෙම කියනවා. “මං ඒ බයිබල් පද ආයේ ආයේ කියෙව්වා. මං දිගින් දිගටම යාච්ඤා කරද්දී දෙවියන් මට මනසේ සාමය අද්දකින්න අවස්ථාව දුන්නා.”

මේ ලිපියේ සඳහන් කළ හැමෝටම හිතිලා තියෙනවා තවත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒත් එයාලා යෙහෝවා දෙවියන් ගැන විශ්වාස කළා. ඔහුගේ වචනය වන බයිබලය කියවලා දිරිගැන්වුණා. බිල් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “මගේ ජීවිතේ හැම දේම විනාශ වෙලා ගියා. ඒත් දෙවියන් ගැන තිබුණු විශ්වාසය නිසා මගේ ජීවිතේට අරමුණක් එකතු වුණා. කාලයක් මං ‘අඳුරු තැනිතලාවක’ තනි වෙලා හිටියත් දෙවියන් දිගටම මාත් එක්කම හිටියා.”—ගීතාවලිය 23:4.

^ ද්‍රෝහි වුණු කෙනාට සමාව දෙනවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න උදව් වෙන තොරතුරු 1999 මැයි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ “කලත්‍රයෙක් ද්‍රෝහි වන විට” කියන ලිපි මාලාවේ තියෙනවා.