Skip to content

පටුනට යන්න

‘ප්‍රඥාව ශබ්ද නඟා හඬගසයි’ ඔබට එය ඇහෙනවාද?

‘ප්‍රඥාව ශබ්ද නඟා හඬගසයි’ ඔබට එය ඇහෙනවාද?

“ප්‍රඥාව ශබ්ද නඟා හඬගසන්නේ නැද්ද? වටහාගැනීමේ ශක්තිය හඬ නඟන්නේ නැද්ද? ප්‍රඥාව උස් තැන්වලද මඟ අසලද මංසන්ධිවලද රැඳී සිටියි. නුවර දොරටුව අසලද . . . එය හඬ නඟා මෙසේ කියයි.”හිතෝපදේශ 8:1-3.

ප්‍රඥාව මිල කරන්න බැරි නිධානයක්. අපිට ප්‍රඥාව නැත්නම් අපි තීරණ ගනිද්දී කටයුතු කරන්නේ අනුවණ විදිහටයි. ඒත් සැබෑ ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහෙන්ද? බයිබලයේ හිතෝපදේශ පොතේ ලේඛකයා උසස්ම ප්‍රඥාව හැටියට සැලකුවේ අපගේ නිර්මාතෘගේ ප්‍රඥාවයි. සුවිශේෂී පොතක් වන බයිබලය මාර්ගයෙන් ඒ ප්‍රඥාව සෑම මනුෂ්‍යයෙක්ටම ලබාගන්න පුළුවන්.

  • “මෙතෙක් වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත බයිබලයයි. එය වෙන කිසිම පොතකට වඩා වැඩි වාර ගණනක් සහ වැඩි භාෂා ගණනකට පරිවර්තනය කර තියෙනවා” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The World Book Encyclopedia) බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,600කට පමණ පරිවර්තනය කර තිබෙන නිසා ලෝක ජනගහනයෙන් සියයට 90කට වඩා වැඩි පිරිසකට එය තමන්ගේ භාෂාවෙන් කියවන්න පුළුවන්.

  • දෙවිගේ ප්‍රඥාව මිනිසුන්ට ඇහෙන තවත් විදිහක් ගැන මතෙව් 24:14හි මෙසේ සඳහන් වෙනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”

එහි සඳහන් වන දේවරාජ්‍යය තුළින් උසස්ම ප්‍රඥාව හිමි යෙහෝවා දෙවි, මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් ගෙනෙනවා. එය ශුභාරංචියක් වන්නේ ඒ නිසයි. දේවරාජ්‍යය මුළු ලෝකයම පාලනය කරන්න යන ආණ්ඩුවක්. (දානියෙල් 2:44; 7:13, 14) “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යේසුස් යාච්ඤා කළෙත් එම ආණ්ඩුව ගැනයි.—මතෙව් 6:9, 10.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, රටවල් 239ක් පුරා දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කරන්න ලැබීම සලකන්නේ තමන්ට ලැබුණු වරප්‍රසාදයක් හැටියටයි. ඔබගේ ප්‍රදේශයෙත් දෙවිගේ ප්‍රඥාව ‘හඬ නඟනවා’ ඔබට ඇහෙනවාද?