Skip to content

යොවුන් සිතේ ගැටලු

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු

 “මං එක පාරක් බයිබලේ කියවන්න ට්‍රයි කළා. ඒත් ඒක හුඟක් ලොකු පොතක් නිසා කොහොමද කියවලා ඉවර කරන්නේ කියලා හිතුණා!”—බ්‍රියානා, අවුරුදු 15.

 ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙනම් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

 බයිබලය කියවන්න ඕනෙ ඇයි?

 බයිබලය කියවන එක හරිම බෝරිං වැඩක් කියලා ඔයාට හිතිලා තියෙනවද? එහෙම හිතෙන එක වරදක් නෙමෙයි. පිටු දහස් ගාණක් තියෙන, අඩුම ගානේ පින්තූරයක්වත් නැති ලොකුම ලොකු පොතක් කියවන එක එපා වෙන වැඩක්. ඊට වඩා හොඳයි TV බලන එක කියලා ඔයාට හිතෙන්න පුළුවන්.

 එත් මෙහෙම හිතන්න: නිධානයක් දාලා තියෙන ලොකු පෙට්ටියක් ඔයාට හම්බ වෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලනකල් ඔයාට ඉවසිල්ලක් නැති වෙයි නේද?

 බයිබලෙත් හරියට ඒ වගේ තමයි. ඔයාට උදව් වෙන මැණික් වගේ වටිනා උපදෙස් බයිබලයේ තියෙනවා. ඒවා ඔයාට

  •   හොඳ තීරණ ගන්න

  •   අම්මයි තාත්තයි එක්ක සහයෝගයෙන් වැඩ කරන්න

  •   හොඳ යාළුවෝ හොයාගන්න

  •   මනසට ලොකු පීඩනයක් දැනෙද්දී සාර්ථකව දේවල් කරන්න ප්‍රයෝජනවත් වෙයි

 ඇත්තටම හුඟක් ඉස්සර කාලේ ලියපු ඒ පොතේ අදටත් ගැලපෙන උපදෙස් තියෙන්නේ කොහොමද? මොකද ඒක ලියලා තියෙන්නේ “දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.” (2 තිමෝති 3:16) එහෙම නම් අපිට උපදෙස් දෙන්න පුළුවන් හොඳම කෙනාගේ අදහස් තමයි බයිබලයේ තියෙන්නේ.

බයිබලය කියන්නේ වටිනා මැණික් වගේ ප්‍රඥාවන්ත උපදෙස් තියෙන නිධානයක්.

 බයිබලය කියවන්න ඕනෙ කෙහොමද?

 පළවෙනි විදිහ තමයි මුල ඉඳන් අවසානය වෙනකල් කියවන එක. ඒ දේ කළොත් බයිබලය ඇතුළත් පණිවිඩය මොකක්ද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි. ඊට අමතරව බයිබලය කියවන්න පුළුවන් තව හුඟක් විදි තියෙනවා. ඒ මොනවද?

  •    උත්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත වෙනකල් අනුපිළිවෙළින් කියවන්න පුළුවන්.

  •    සිද්ධීන් වෙලා තියෙන අනුපිළිවෙලට කියවන්න පුළුවන්.

 යෝජනාවක්: යේසුස් පොළොවේ ඉද්දී ගත කරපු ජීවිතයේ ප්‍රධාන සිද්ධීන් සිද්ධ වුණ කාලය අනුව පෙලගස්වපු ලැයිස්තුවක් ‘නව ලොව පරිවර්තනයේ’ උපග්‍රන්ථයේ 17වෙනි කොටසේ තියෙනවා.

 දෙවෙනි විදිහ තමයි ඔයා මුහුණ දෙනවා වගේ තත්වයකට මුහුණ දුන්න කෙනෙක් ගැන තියෙන කොටසක් කියවන එක. උදාහරණෙකට:

 යෝජනාවක්: බයිබලය කියවද්දී ඒකට හොඳ අවධානයක් දෙන්න ඕනෙ නිසා වැඩිය සද්ද බද්ද නැති තැනක් තෝරගන්න.

 තුන්වෙනි විදිහ තමයි බයිබලේ තියෙන යම් වාර්තාවක් හරි ගීතිකාවක් හරි කියවලා ඒක ඔයාට අදාළ වෙන විදිහ ගැන හිතන එක. යම් කොටසක් කියෙව්වාට පස්සේ මේ වගේ ප්‍රශ්න ගැන හිතන්න ඔයාට පුළුවන්.

  •    ඇයි යෙහෝවා දෙවි මේ දේ බයිබලයට ඇතුළත් කළේ?

  •    ඒ කොටසෙන් යෙහෝවා දෙවිගේ ගුණාංග ගැන, යෙහෝවා දෙවි දේවල් කරන විදිහ ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවද?

  •    කියවපු තොරතුරු මගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

 යෝජනාවක්: ‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනයේ’ ඉංග්‍රිසි භාෂාවෙන් තියෙන අධ්‍යනය කරන්න උපකාරවත් වෙන සංස්කරණයේ වීඩියෝ, සිතියම් වගේ දේවල් ඇතුළත් වෙනවා. ඒවා භාවිත කරලා බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන්.